Colombo Today Local News

ජීවිතය පරදුවට තබා කිඹුලෙක් සමග සටන් කර ජීවිතයක් බේරාගත් හාමුදුරුවෝ

කහටගස්දිගිලිය, දියමයිලගස්වැව , වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුට කිඹුලෙකු විසින් පහර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්තාවේදී එම ගම්මානයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් විසින් දියට පැන කිඹුලා සමග පොර බදිමින් පහර කෑ පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය සඳහන් කරයි.

දියමයිලගස්වැව ශ්‍රී ධර්මරාජ විහාරස්තානයේ 30 හැවරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න යන අය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට ඇත. ස්වාමීන් වහන්සේ දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී වැවේ නාමින් සිටි විජේරත්න මහතා හට මෙම කිඹුල් ප්‍රහාරය එල්ල වී ඇත. කිඹුලා විසින් මෙම පුද්ගලයා ඇදගෙන යමින් සිටියදී මෙම ‍භික්ෂුන් වහන්සේ වැවට පැන කිඹුලා සමග පොර බදිමින් විජේරත්න මහතා එම අවස්තාවේ බෙරා ගෙන ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව මෙම පුද්ගලය රෝහල් ගත කර ඇත. සිදුවූ කිඹුල් ප්‍රහාරය හමුවේ විජේරත්න මහතාගේ පාදයට බරපතල තුවාල සිදු වී අනුරාධුපුර ශීක්ෂණ රෝහලේ මේ වන විට ප්‍රථිකාර ලබමින් සිටි. එම අවස්ථාවට මුහුණ දුන් ස්වාමීන් වහන්සේට කිසිදු අනතුරක් මෙහිදී සිදුව නොමැති බව උන්වහන්සේ පැවසීය.

මෙම නිර්භීත ක්‍රියාවෙන් ජීවිතයක් බේරාගැනීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස්. අබේසේකර මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් දියමයිලගස්වැව විහාරස්ථානයට ගොස් ස්වාමීන් වහන්සේ බැහැ දැක හිමි නමට ප්‍රශන්සා කිරීමට ඊයේ (07) දහවල් කටයුතු කළේය.

මැදවච්චය - සජිත් ගයාන් උබේපාල

Related posts

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

වොකස්වැගන් ජනවාරියේ එනවාමයි – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

අටලූගම මුස්ලිම් කතගේ පැමිණිල්ලෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදුබල සේනාවට ලැබුණා

colombotoday

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

colombotoday