Colombo Today Local News

ගෙදරට ඇවිත් වෙඩි නොතියා එන්තරවාසියක් එවීම ගැන ජවිපෙට ස්තුතියි! – මෛත්‍රී

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මෛත්‍රී ගුණරත්න මහතා විසින් මාධ්‍ය හරහා කරන ප්‍රකාශයකට අදාලව ඊයේ (11) වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ මහතා වෙත රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසියක් ඒවා තිබේ.ඊට අදාලව අද (12) උදැසන ඒ මහතා විසින් මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දී තිබේ.

“ජනතා විමුක්ති පෙරමුණ මට ගෙදරට ඇවිත් වෙඩි තබා හෝ බෙල්ල කපා මරා නොදමා නිත්‍යානුකුලව එන්තරවාසියක් එවීම ගැන මම මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට ස්තුතිවන්ත වෙනවා”යැයි ඔහු සදහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

“88/89 කාලයේදී වගේ මම මේ ප්‍රකාශය කළා නම් මම දන්නවා එදා හවස මගේ ගෙදරට කීර්ති විජයභාහුගේ අත්සනින් ලිපියක් එවයි,නැත්නම් බෙල්ල කපා හෝ වෙඩි තබා මරා දමයි.ඇත්තටම අද ජවිපෙ කැලෑ නිතිය වෙනුවට රටේ නිතිය පිළිගනිම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්”

“කෙසේ නමුත් අපි අහන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඒක ප්‍රශ්නයයි,මාධ්‍යවේදී මහේෂ් සේනානායක සමග තිබුණු විශේෂ සම්බන්ධය කුමක්ද කියන එකයි.ඔහු හරහා පර්පචුවල් ට්‍රෙසරිස් සමගින් යම් මුදලක් ගත්තද නැද්ද කියන එකයි,එසේ නොගත්තානම් ඇයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ජවිපෙ මේ තරම් පස්සට යන්නේ.එහෙම ගත්තේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සට පුළුවන් වෙන්න ඕනේ එහෙම ගත්තේ නෑ කියලා දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කරන්න.එහෙම නැතුව මට එන්තරවාසියක් එවලා වැඩක් නෑ.ගුණරත්නලා නිහඩ කරන්න ජවිපෙට එන්තරවාසි එවලා බැහැ”

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“පසුගිය කාලේ ජවිපෙට මුදල් ලක්ෂ ගානක් දුන්න බව විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇති බව මාධ්‍ය වාර්තා කරලා තිබුනා.ඒ වගේම රාජිත ඇමතිතුමාගේ පුතා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ජවිපෙට මුදල් දුන් බව සදහන් කරලා තිබුනා.ඒ අවස්ථාවලට ජවිපෙ මේ වගේම ලොකු ඝෝෂාවක් කරා,නමුත් ජවිපෙ අද වෙනතුරු ඒ මුදල් සම්බන්ද චෝදනා වලට අධිකරණය මගින් විසදුම් ලබාගත්තේ නැහැ.මම ජවිපෙට අභියෝග කරනවා නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාගේ හා මාධ්‍යවේදී මහේෂ් සේනානායකගේ හා මෙන්ඩිස් සමාගමේ එහෙමත් නැත්නම් අර්ජුන ඇලෝසියස්ලගේ දුරකථන සංවාදවල සවිස්තර වාර්තාවක් මාධ්‍යට දෙන්න කියලා.එතකොට රටේ ජනතාවට බලා ගන්න පුළුවන් එයාලගේ සුජාත භාවය” යනුවෙන් ඔහු සදහන් කළේය.

Related posts

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

colombotoday

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

colombotoday

යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

colombotoday

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday