Colombo Today Local News

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

විසි වන සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරන්නේ බෙදුම්වාදීන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදි අදහස් දැක්වූ මුසම්මිල් මහතා,

“ජවිපෙ කස කාරයා, බවට පත්වෙමින් රනිලුයි සුමන්තිරනුයි ඒ පෝලිමට මහින්ද රාජපක්ෂවත් දාගෙන 20 දක්වා අරගෙන යන්නයි ඔවුන්ගේ සැලැස්ම තිබුණේ. ඒකාබද්ධය ඊට විරුද්ධවීමත් සමඟ ජවිපෙ දැන් ගලේ පහරපු බළලුන්ගෙ තත්ත්වෙට පත්වෙලා තියෙන්නේ.

බෙදුම්වාදීන්ගේ වුවමනාවන් ඉෂ්ට කරන්න ඒ යෝජනා කරපින්නාගෙන ඇවිල්ලා. ඒ අතරට සමාජයේ කතාබහට ලක් වෙන මැතිවරණ ක්‍රමය සංශෝධනයත් ඒකට එබ්බුවා. මේ විධායක ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කියන දවටන අස්සෙ ඔතලා මේ ගේන්නෙ බෙදුම්වාදී වස කුප්පිය. මේ වස කුප්පිය ජනතාවට පෙවීමට තමයි මේ 20 ගේන්නේ.“ යැයිද කියා සිටියේය.

Related posts

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

Admin

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

colombotoday

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න අනුමැතිය

colombotoday