කොළඹ කොටුව ප්රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්රරත්න හිමි ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කර සිටියි.
අයුතු ජනරාශියක සාමාජිකයන් වීම, රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් සුදු ඇඳගත් වෙනත් පුද්ගලයෙක් පැමිණ පොලිස් ජීප් රථයකට ගල් ප්රහාර එල්ලකරන වීඩියෝවක් මේ වනවිට අප වෙත ලැබී ඇත.