Colombo Today Local News

ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන ගැන හොයන්න බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවලා තානාපති අංශ නොසතුටෙන්

isis_sri_laka_police

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන පිලිබදව තොරතුරු සෙවීම සදහා පොලිස් සහ යුධ හමුදා බුද්ධි අංශයේ කටයුතු කරන ඉස්ලාම් ආගම අදහන නිලධාරීන් යෙදවීම පිලිබදව ඇමරිකානු සහ ඉන්දීය තානාපති නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූණු බව තානාපති කාර්යාල ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවනවා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණය දැඩි විවේචනයට ලක්වී ඇති අතර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබදව සැබෑ තොරතුරු බුද්ධි අංශ නිලධාරීන් වසන් කරන බවටද චෝදනා එල්ල කර තිබෙනවා. තම පවුල් රැකගැනීම සහ මුස්ලිම් බුද්ධි අංශ නිලධාරීන් තුල, තම ආගම පිලිබදව පවතින අන්ධ විශ්වාස මෙලස සබෑ තොරතුරු වසන් කිරීමට හේතුව බව සදහන් කර ඇති ඉන්දීය තානාපති නිලධාරීන් ශ්‍රී ලංකා රජයේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ දකුණු ඉන්දීය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද සදහන් කර තිබෙනවා.

ඉන්දියාවේ ත්‍රස්තවාදීන් පුහුණු කිරීම සදහා දායක වී ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සාමාජිකයින් හදුනා ගැනීමට ඉන්දීය ඔත්තුසේවා මේ වන විටත් සමත්ව ඇති අතර ඉන්දීය බුද්ධි මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍ය තාවය මෙම හමුවේදී ඉතා දීර්ඝ ලෙස සාකච්චා වී ඇත.

පසුගිය ජනවාරි මසදීද මෙවැනි තානාපති හමුවක් පැවැත්වුණු අතර ඒ පිලිබදව අප වෙබ් අඩවිය වාර්තාකළ පුවත

ශ්‍රී ලංකා බුද්ධි අංශ ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

ලෝක ආරක්ෂාවට තර්ජනයක්ව ඇති ISIS ත්‍රස්ත සංවිධානයෙන් කලාපයට එල්ලවියහැකි තර්ජන නැවත්වීම සදහා ඉන්දියානු බුද්ධි සේවා ශ්‍රී ලංකා රජය සමග බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනුනද ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඒ සදහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම පිලිබදව ලන්ඩනයේදී පැවති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්චාවකදී එරට රජයේ ප්‍රධානියෙක් කරුණු දක්වා තිබෙනවා.

මෙහිදී ISIS සාමාජිකයන් සදහා තාවකාලික නවාතැන්පලක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ අවදානමක් පවතින බවටද කරුණු දක්වා ඇති අතර 25% ක පමණ මුස්ලිම් ජනතාවක් ජිවත්වන ඉන්දියාවට වඩා 10% ක මුස්ලිම් ජනතාවක් ජිවත්වන ශ්‍රී ලංකාවේ, මුස්ලිම් දේශපාලන පක්‍ෂ වඩාත් බලවත්වීම හේතුවෙන් රජයට අවාසි වෙතැයි බියෙන් මෙම බුද්ධි තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා රජය මැලි විය හැකි බව හෝ ශ්‍රී ලංකා බුද්ධි අංශ සතුව ප්‍රමාණවත් බුද්දි තොරතුරු නොමැතිවීම මෙම තත්වය ඇතිවීමට බලපෑ හැකි බවට සාකච්චා වී ඇත.

ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ පිලිබදව ඉන්දියාව විමසනු ඇති බව colombotoday.com වෙත වාර්තාවෙනවා.

 

Related posts

මඩකලපුවේ දෙමළ සිසුන්ට ඉස්ලාම් ඉස්ලාම් ධර්මය වැළඳගැනීමට බල කරලා… ගුරුවරුන්ට එරෙහිව දෙමව්පියෝ උද්ඝෝෂණයේ…

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

colombotoday