extremism & terrorism activitiesWorld

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතරතුර, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව සටන් කරන රටවල් එකතුවී ම්ලේච්ච අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ඉදිරි පියවර ගන්නා ආකාරය පිළිබඳව අද (28) රැස්වි සාකච්ඡා කරන ලදි.

එහිදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් බවට එක්සත් ජනපදය අනතුරු ඇඟවීමක් සිදුකරන ලදි.

ඉරාක-සිරියානු දේශ සීමාව ආසන්නයේ ඉරානයේ සහයෝගය ලබන ත්‍රස්තයන්ට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර දියත් කිරීමෙන් දිනකට පසුව මෙම හමුව සිදුවිය.

මෙම හමුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ඉතාලි විදේශ ඇමති ලුයිගි ඩි මායෝ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බ්ලින්කන් සහ ඩී මායෝ වෙනත් රටවල් 77 ක නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව අත් නොහරින ලෙසයි.

ඉරාකයෙන් හා සිරියාවෙන් පිටත අයිඑස් ක්‍රියාකාරකම්වල වැඩිවීමක් ඇති බව ඔහු පැවසීය, විශේෂයෙන්ම අප්‍රිකාවේ තර්ජනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් නිර්මාණය කරන ලෙස ඔහු අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය.

“පරාජය නොතකා ඉරාකයේ සහ සිරියාවේ අයිඑස් කණ්ඩායම් තවමත් මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීමට අපේක්ෂා කරනවා” යැයි බ්ලින්කන් සඳහන් කළේය.

සිරියාවේ සහ අවට රටවල අවතැන් වූවන්ට ආධාර කිරීම සඳහා බ්ලින්කන් එක්සත් ජනපද ඩොලර් මිලියන 436 ක දායකත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි.

ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත ප්‍රධාන නායකයෙකු වන නයිජීරියාවේ වෙසෙන ස්මාන් ඉලියාසෝ ජිබෝට එරෙහිව ඇමරිකාව සම්බාධක ද ​​ප්‍රකාශයට පත් කළේය. ජිබෝව ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලදි.

Related posts

නවසීලන්තයේදී ත්‍රස්ත ප්‍රහාරයක්… බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අනූනමයෙන් බේරෙයි… වෙඩි වැදී 6ක් මරුට

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාවෙන් චීනයට නියෝගයක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday