Colombo Today Local News

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

අයි.එස්.අයි ත්‍රස්ත  සංවිධානයේ සමාජිකත්වය දරන හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ  පදිංචි මුස්ලිම් ජාතික තරුණයෙකුගේ නිවසේ තිබි පිහි නවයක් සහ එම තරුණයාගේ සහෝදරයෙකු හැටන් පොලිසිය මගින් ඉකුත් 30  වෙනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අයි.එස්.අයි ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරන එම තරුණයා යේමනයේ දැනට පදිංචි බවත්, එම තරුණයා අයි.එස්.අයි සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකු බව හැටන් පොලිසිය මගින් තොරතුරු අනාවරණය කර ගැනිමෙන් අනතුරුව හැටන් පොලිසිය  මගින් ඔහුගේ නිවස දැඩි පරික්ෂාවට ලක් කර ඇත.

එම නිවසේ ගබඩා කාමරයක තිබි මෙම පිහි තොගය සොයාගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසුවේය.

යේමනයේ පදිංචි මෙම තරුණයා 2016 වසරේ අවසන් වරට මෙරටට පැමිණ ඇති බවත්, සැකපිට අත්අඩංගුවට ගත් එම තරුණයාගේ සහෝදරයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.චොක්සි මහතා වෙත එදිනම ඉදිරිපත් කිරිමෙන් පසුව එම සැකකරුව රු ලක්ෂ 20 ක ශරිර ඇප මත  මුදා හැර සැකකරුට සැම ඉරුදිනකම හැටන් පොලිසියේ පෙනි සිට අත්සන් කරන  ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මේ අතර හැටන් කුරුස දේවස්ථානයේ ජායාරුප ගැනිමට උත්සහ කල තරුණයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් ආරක්ෂිත කැමරා පද්ධති ඔස්සේ ලබාගත් දර්ශන මගින් එම සැකකරුවන් හදුනා ගැනිම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇත.

එම දේවස්ථානය ආරක්ෂාව පිලිබදව සොයා බැලිම සදහා ඊයේ (01) ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා එම කුරුස දේවස්ථානයේ සංචාරයක නියැලෙමින් එම කුරුස දේවස්ථානයේ  ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමණ් සමග සාකච්ඡා කර එම දේවස්ථානයට දැඩි ආරක්ෂාව ලබා දිමට පියවර ගනු ලැබුවා.

මේ අතර හැටන් ප්‍රදේශයේ සියළුම ගම්මාන, බස් නැවතුම් පොලවල් , වෙළදසැල් සහ රථ වාහන යුධ හමුදාව සහ පොලිසිය එක්ව තවදුරටත් දැඩි පරික්ෂාවට ලක් කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

Admin

ජනපතිට විරුද්ධ නඩු ෆයිල් අරන් NGO ලොක්කියක් රට පනී… ලන්ඩන් කොටි ක්‍රියාකාරිනියකගේ නිවසේ නවතී… ස්විස් පැන්න කන්දප්පාගේ හිතවතියක් !

colombotoday

ඉන්දියාව – ලංකාව යා කර පාලමක් හදනවා – ඇමති කබීර් ඉස්ලාම් සමුළුවේදී කියයි

colombotoday

මාලිමාවට කඩේ ගියාට දැන් ඇමති ෆෝන් එකවත් උස්සන්නේ නෑ

Admin