මේ මොහොතේ රටතුළ කැරළි කෝලාහල ඇති කිරීමෙන් සිදුවන්නේ ISIS ත්රස්තවාදීන්ගේ අරමුණ ඉටු කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.
මරාගෙන මැරෙණ ප්‍රහාර එල්ල කළ IS ත්රස්තවාදීන්ගේ අරමුණ ශරියා නීතිය සහිත තම කලාපයක් නිර්මාණය කර ‘කැලිෆෙට් රාජ්‍යයක්‘ බිහි කිරීම බවද අමාත්‍යවරයා කියා සිටී.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පමණක් නොව රටතුළ ජාති-ආගම් බේද කැරළි කෝලානහල ඇතිකර රට ගිනි තැබීමෙන්ම ඔවුන්ගේ අරමුණ ඉටුකරගැනීමට උත්සහා කරන බවද ඇමතිවරයා කියා සිටී.
බොරු ප්‍රචාර වලට හසුවී කැරළි-කෝලාහල ඇතිකර ISIS ගෝලීය ත්රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ජනතාව ඉඩ නොදිය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.