Colombo Today Local NewsTop Stories

ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයි

ආන්දෝලනාත්මක ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහමොළකාරිය බැව් පැවසෙන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව මුහුදු මාර්ග ඔස්සේ මාලදිවයිනට පළා ගොස් ඇති බවත්, මේ ගලවාගැනීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බවත් අද උදෑසන ප්‍රධන ධාරාවේ මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තා කොට තිබේ.

මේ පිළිබඳව 100%ක්ම තහවුරු වන සාක්ෂි සාධක මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ වී නැතත්, මෙම ආරංචිය සත්‍යයක් නම් ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ඔස්තාර්ලාගේ සහ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බවට වහසි බස් දොඩමින් වටේට නෙළූ නියෝජ්‍ය මාත්‍යකාරකාදීන්ගේ රෙදි නැවත වරක් ලෙෆ්ට් වීම මොන ජගතාටවත් නැවැත්විය නොහැකි වනු ඇත.

අනෙක් අතට, පුවත ප්‍රකාරව මෙම කාන්තාව මෙසේ රටින් පිටවන්නේ ඇය ඉන්නා තැන සොයමින් විමර්ශන කණ්ඩායම් රටම පීරමින් සිටින පසුබිමක වීම සිද්ධියේ බරපතල බව වඩාත් ත්‍රීව්‍ර කරවයි.

මෙම සිද්ධිය තුළ සුවිශේෂී වන සහ වෙනත් මාධ්‍යයක මතු නොකළ කරුණු කාරණා කිහිපයක් ගැන මේ අවස්ථාවේ පාඨක ඔබ හමුවේ සිහිපත් කරන්නට කැමැත්තෙමි.

01. වෙඩික්කරු බවට සැකකෙරෙන අත්අඩංගුවට ගත් තැනැත්තා සැබෑවටම වෙඩිල්ල තැබූ පුද්ගලයාද? නො’එසේ නම් එම තැනැත්තාගේ රූපයට සමාන වෙනත් කෙනෙක්ද?

02. වෙඩික්කරු බිම අතහැර දමා ගියේ සැබෑවටම වෙඩිල්ල තැබූ පිස්තෝලයමද? නැතිනම් වෙනත් පිස්තෝලයක්ද?

03. හවුල්කාර ඉෂාරා සෙව්වන්දි රටින් පැන ගියේ අද ඊයේද? එසේත් නැතිනම් එදිනමද?

මේ මෙම සිද්ධියේ මතුව ඇති කරුණු කාරණා දෙස විමර්ෂණශීලීව බැලීමේදී අපට මතුවන සැක මුසු තැන් කිහිපයකි. විශේෂයෙන් මෙම සිද්ධියේ මතුපිටින් පෙනෙන්නට තිබෙන සුවිශේෂීම ලක්ෂණය වන්නේ, මෙම ඝාතනයට හවුල් වූ පුද්ගලයින් සමස්ත මෙහෙයුම පුරාම සිදුකොට ඇති (වේදිකා නාට්‍යයක බඳු) ඉතා සියුම් වෙස් මාරුවයි.

අනෙක් අතට මෙහිලා සාකච්ඡාවට බඳුන් වන කාන්තාව හඳුනාගත හැකි මට්ටමේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් වීමට පවා, ලියුම්කරුට මතක ඇති අයුරින් නම් සිද්ධිය සිදු වී පැය 24කට වඩා ගතවිය. එවන් පසුබිමක, සැකකාර ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවට වෙඩික්කරුගෙන් මීගමුවේදී සමු ගත් පසු ඉතා සුළු වෙස් මාරුවක් කරගෙන, අතේ දුරින් තිබෙන කටුනායක ගුවන්තොටුපල හරහා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඉක්මනින්ම රටින් පිටවන්නට හැකියාව තිබිණැයි සැක කළ හැකිය.

එසේම, ඇත්තෙන්ම ඇය රටින් පළා ගියේ අද ඊයේ නම් , එයින් ජනිත වන උභතෝකෝටිකය වන්නේ ඇය මෙතෙක් කලක් සැඟව සිටියේ කොහේද යන කරුණයි.

මෙම කාන්තාව සිටී යැයි සැක පහළ කරමින් විමර්ශණ කණ්ඩායම් මතුගම ප්‍රදේශයේ කැලෑබද නිවසක් සෝදිසි කළ අපූරු නාටකීය ජවනිකාව මෙහිදී සිහිපත් කළ යුතුමය. නිවස කපරාදු කරගන්නටවත්, හරි හමන් ලැට් එකක් හදාගන්නටවත් උනන්දුවක් නැතත්, ආරක්ෂාව වෙනුවෙන් බස් වල සවි කරන මාදිලියේ සීසීටීවී කැමරාවක් එම නිවසේ සවි කොට ගන්නට උත්සුක වූ එම නිවෙස් හිමි මහත්මාට හෝ මහත්මියට ඒ වෙනුවෙන් Colombo Today අපගේ ප්‍රණාමය හිමිවේ.

කෙසේ වෙතත්, කරුණු කාරණා සිදු වන්නේ මේ අයුරින් නම් අපට කියන්නට ඇත්තේ එකම වාක්‍යයකි.

මහජන ආරක්ෂාවට අබ සරණයි!!!!

සටහන – Chalana

Related posts

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

Admin

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

“පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

colombotoday

ජනපති අද ජගත් සමුළුව අමතයි… ලොව හොල්ලන යෝජනාව සූදානම් !

colombotoday

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday