Colombo Today Local NewsGossip

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

ඉරාජ් වීරරත්න විසින් Youtube වෙත නිකුත් කරණ ලද වීඩියෝවක් සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානායක facebook සටහනක් තබමින්, ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක් බව සඳහන් කර තිබූ අතර “මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන්” බවත් සඳහන් කර තිබුනා.

කෙසේ වෙතත් එම සටහනට පිළිතුරක් ඉරාජ් වීරරත්න විසින් තම facebook පිටුවට එක් කර තිබෙනවා.


එම සටහන පහතින්….

Navin Dissanayake ඇමතිතුමා වෙත ලියමි…

මුලින්ම කියන්න ඕනේ ඔබගේ පියාට සහ ඔබතුමාට මම ගොඩක් ගෞරව කරන කෙනෙක්…

ඇමතිතුමනි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක දැක්කා වගේ රටේ වෙන විනාශය පේන්නේ නැද්ද ?
විල්පත්තු විනාශයට මට මේ බනිනවා වගේ රිෂාද් බදුර්ඩීන්ට බනින්න බැරිද ? මම විල්පත්තුව ගැන Music Video එකක් Youtube එකට කරොත් ඔබ ඒ විනාශය ගැන දකීද ? කතා කරයිද ?

රණවිරැ දඩයම සහ රණවිරැවන්ට වෙන අසාධාරන ගැන මම Music Video එකක් කරා ඔබතුමා ඒක ගැන කතා කරාද ? රට බේරලා දුන්න අපේ කොල්ලන් වෙනුවෙන් වචනයක්වත් කතා කරාද ?
👉 https://youtu.be/zD130qXqu0I

රටේ මිනිස්සුන්ට කන්න වතුර ලයිට් නෑ හැබැයි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක ගැනනම් කතා කරන්න පුලුවන්.ඇමතිතුමනේ මීට වඩා රටේ විශාල කරදර ගනනාවක් තියනවා කතා කරන්න සහ පිලියම් සොයන්න.
ඔබතුමාලාවා අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක්
Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා Ranjan Ramanayake ඇමතිතුමා කියනවා වගේ කොකේන් ගහලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ !!!

තවත් දෙයක් ඔබතුමාලා අපේ සේවකයෝ …
සේවකයාගෙන් හරි වැඩක් නැත්නම් මොකද කරන්නේ ?
ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු 🙏

අදාළ වීඩියෝව…

Related posts

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍යාතන හෙට වැසේ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

ජනපති සිරිසේන ජනතා අපෙක්ෂාවලට පයින් ගැහුවා – දූෂණ විරෝධී හඩ

colombotoday

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday