Colombo Today Sports News

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත්ව තිබේ.

ඒ, ඊයේ (28)දින පැවති තරගයකින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කිරිමත් සමග ය.

අබුඩාබි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් බිඳවැටි ලබාගත් ලකුණු සංඛ්‍යාව 164කි.

එම ඉනිම වෙනුවෙන් දේව්දත් පඩික්කල් ලකුණු 74ක් ලබාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 05ක් බිඳවැටී ලකුණු 166ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

එම ඉනිම වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් ලකුණු 79ක් ලබාගැනීමට සමත්විය.

Related posts

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය අශෝක් පතිරගේට

colombotoday

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු වලට අයදුම්පත් කැඳවයි

Admin