Colombo Today Local News

බාල තෙල් නැව තවමත් ත්‍රීමලේ.. තෙල් තොගය වෙනත් නැවකට පටවා ගොඩබෑමේ සූදානමක් !

ඉන්දීය තෙල් සමාගම IOC විසින් ගෙන්වූ බාල පෙට්‍රල් තොගයක් සහිත නැව ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කොළඹ වරායේ සිට ත්‍රිකුණාමල වරායට පැමිණ නැංගුරම්ලා තිබෙනවා.

මෙට්.ටොන් 30000 යුත් Torm Astrid නැමති එම නෞකාව 2015.10.15.දින කොළඹ වරායට ලගා වුන අතර එහි තෙල් වල ගුණාත්මක භාවයේ පවතින ගැටලුවක් මත ඛණිජතෙල් සංස්ථාව එම තෙල් තොගය ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව එම නැව වෙනුවට වෙනත් නැවක් ගෙන එන බවට IOC සමාගම වූ පොරොන්දුව ඉටු නොකළ බැවින් රට පුරා දැඩි පෙට්‍රල් අර්බුදයක් ඇතිවිය. ඊට පිළියම් ලෙස ඛණිජතෙල් සංස්ථාව මගින් ඇනවුම් කළ මෙට්. ටොන් 40000 රැගත් Neverska Lady නෞකාව මේ වන විට මෙරටට පැමිණ තිබේ.

ඔක්තෝබර් මස 16 දින ඩීසල් තොගයක් රැගෙන මෙරටට පැමිණි Unique Developer නෞකාවද තෙල් තොගය ගොඩබෑමෙන් අනතුරුව ත්‍රිකුණාමලය වෙත ගොස් බාල තෙල් තොගය සහිත Torm Astrid නෞකාව සමීපයේ නැංගුරම්ලා තිබෙන බව වාර්තා වනවා.

(ඡායාරූපයේ – බාල තෙල් තොගය සහිත Torm Astrid නෞකාව දකුණේ. Unique Developer නෞකාව වමේ.. ත්‍රිකුණාමල මුහුදේ නැංගරම් ලා ඇති අයුරු )

බාල තෙල් තොගය නිසා තමන්ට වූ අර්ථික අලාභය කෙසේ හෝ පියවා ගැනීම උත්සාහ කරන ඉන්දීය තෙල් සමාගම Torm Astrid නෞකාවේ ඇති බාල තෙල් තොගය Unique Developer නෞකාවට පටවා නව තෙල් තොගයක් ලෙස ගොඩබෑමේ කූට උත්සාහයක් ඇතැයි දින කිහිපයකට පෙර වාර්තා පලවුණු  අතර,  ලංකාදීප පුවත්පත අද වාර්තා කර තිබූ ඉහත ඡායාරූප වලින් එම වාර්ථා බොහෝ දුරට සත්‍යයක් විය හැකි බවට තහවුරු වනවා.

ඒ අනුව IOC සමාගම ගෙන්වූ බාල පෙට්‍රල් තොගය කෙසේ හෝ රටට ඇතුළුවීමට වැඩි ඉඩකඩක් පවතින අතර, IOC වෙනුවට Ceypetco ඉන්ධනහල් පමණක් භාවිතා කිරීමට වගබලාගැනීම වාහනයටත්, රටටත්  ගුණදායක වනු ඇත.

Related posts

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

“ඔබේ ජයග්‍රහණයෙන් දේශීයත්වය පදනම් වු පාලනයකට ඇති නව නැඹුරුතාවය පෙන්වනවා” බ්‍රිතාන්‍ය අගමැතිට සුභපතමින් ජනපති කියයි.

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday