Colombo Today Local News

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා නැහැ. එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. කලින් සිදු වූ පරිදි මාස දෙකෙන් දෙකට මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙත් එය ක්‍රියාත්මක වෙනවා. අපි සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර බැඳීමක් තිබෙනවා. ඉන්ධන මිල සූත්‍රය සකසන ලද්දේ පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මතයි. විවිධ ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති තියෙනවා.

එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති තිබෙනවා. අදාළ වෙනස්කම් කළත් පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මත ඉන්ධන මිල සූත්‍රය පවත්වාගෙන යා යුතුය යන්න අපේ අදහසයි.

සහන පැකේජයෙන් ආර්ථිකයට ලොකු බලපෑමක් වුණේ නැහැ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.03ක් පමණයි. කෙසේ නමුත් එකතු කළ අගය මත බද්ද, රඳවා ගැනීමේ බද්ද යනාදිය පාර්ලිමේන්තුවේ පනත්වලින් තමයි වෙනස් කරන්න ඕනේ. ඒවා සිදු වන්නේ ලබන අවුරුද්දේ”.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත්කර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී  පෙන්වා දුන්නේය. ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ අතර එයට අනුව ඉන්ධන මිල මාස දෙකෙන් දෙකට වෙනස් විය.

පසුගිය දා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව ප්‍රකාශ කළ අතර සහන පැකේජයක් ද නිවේදනය කළේය.

Related posts

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකලාවට

colombotoday

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

මහජන මුදලින් ලබාදුන් පර්මිට් එක විකුණා සල්ලි සාක්කුවට දාගත් මැති ඇමති සෙට් එක මෙන්න

colombotoday

වයඹ පළාත් ගුරු සේවයේ සම්මුඛ පරීක්ෂණ : මුස්ලිම් ජාතිකයන්ට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් වැඩි අවස්ථාවක් දීලා

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin