පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත වසර 10ක සිරදඬුවමක් දී තිබේ.
2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර ඇත.
එම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසන්නේ එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය.