Business

ආර්ථික ශක්තිය වර්ධනයට ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000 ක්

රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ යැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ලෝක කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට අමරිකානු ඩොලර් බිලියන හය සිය පනහක් පිරිනැමීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට ඉහත මුදල ලබා දෙනුයේද ඒ වැඩපිළිවෙළ යටතේ යැයි කබ්රාල් මහතා පැවසුවේය .

ලෝක ආර්ථික අවපාතයක් පැවැති කාලයේදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවලට මෙවැනිම ප්‍රදානයක් කළ අතර එකල එම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 510 ක මුදලක් ලැබුණු බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කළේය.

මෙසේ ලැබෙන මුදල් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීවේය.

Related posts

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

colombotoday

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

colombotoday