Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අදාලව පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත, විධිමත් ක්‍රමවේදයක් නොමැති බව අනාවරණය වී තිබේ.

ඒ, පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති වාර්තාවක් අනුවයි.

පොලිස්පතිවරයා අදාල වාර්තාව කොමිසම වෙත යොමු කර තිබෙන්නේ දිවයිනපුරා පොලිස් ස්ථාන 182 ක් සඳහා දේශපාලන නිර්දේශය මත ස්ථානාධිපතිවරුන් පත් කිරීම පිළිබඳව රාජ්‍ය ‍සේවා කොමිසම කර ඇති විමසිමට ප්‍රතිචාර ලෙසය.

‍ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නිශ්චිත විධිමත් ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හමුවේ විවිධ හේතු සහ බලපැම් මත ඇතැම් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුවන බව පොලිස්පතිවරයා යොමු කර ඇති වාර්තාවෙන් පැහැදිලි බව බව රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

ඒ අනුව, නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් සකස් කර එවන ලෙසට කොමිසම කළ දැනුම් දීම අනුව යෝජනාවක් පොලිස්පතිවරයා කොමිසම වෙත යොමු කර තිබේ.

රාජ්‍ය සේවා ‍කොමිසම සඳහන් කළේ පසුගිය සතියේ රැස්වූ සිය කොමිසම පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති අදාල යෝජනාව සලකා බැලීමට ලක් කළ බවයි.

ඊට අදාල සංශෝධන එක් කිරිමෙන් පසුව ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ නිශ්චිත සහ විදිමත් ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි එම කොමිසම පැවසුවේ ය.

මේ අතර පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පල කිරිමට රාජ්‍ය ‍සේවා කොමිසම තීරණය කළ බව නිව්ස්ෆස්ට් කළ විමසිමකදි එම කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

Admin

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Admin

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday