Colombo Today Local NewsColombo Today Sports NewsUncategorized

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩිකාව තේරීම සඳහා වන නාම යෝජනා ප්‍රකාශයට පත්කර ඇත.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එම නාමයෝජනා අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ නමක් ඊට ඇතුළත්ව තිබීමය.

ඒ කවීෂා එගොඩගේ නම් ක්‍රීඩිකාවයි.

මෙලෙස ප්‍රකාශයට පත්කෙරෙන නාමයෝජනා සඳහා ක්‍රීඩාලෝලීන්ට සිය ඡන්දය අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කළ හැකි අතර පසුව එහි ප්‍රතිඵල සලකාබැලීමෙන් අනතුරුව මාසයේ හොඳම ක්‍රීඩිකාව ICCය විසින් නම්කරනු ලබයි.

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේදී ශතක 9ක් රැස්කර ඇති 20 හැවිරිදි වියේ පසුවන කවීෂා ලකුණු 1,728ක් රැස්කරගෙන ඇති අතර විස්සයි විස්ස කඩුලු 29ක් දවාගෙන තිබින.

මීට අමතරව මෙවර පෙබරවාරි මාසය සඳහා ICCය විසින් නම්කළ ක්‍රීඩිකාවන් අතරට UAE කාන්තා කණ්ඩායමේ ඊශා ඕසා සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ඇනබල් සදර්ලෑන්ඩ් නම්කර තිබේ.

Related posts

“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

colombotoday

ජවිපෙන් මරපු අය ගැන තොරතුරු දෙන්න – සජබෙ රෝහිණී ගූගල් ලින්ක් එකක් දායි

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

පලාලියේ තවත් අක්කර 454ක් මුදාහරී.. ජනපති අතින් අද සිවිල් වැසියන්ට දෙයි

colombotoday

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday