Colombo Today Local News

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

p4 1යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්‌ඩපයේ ප්‍රභාකරන්ගේ උපන් දින උත්සවයක්‌ පැවැත්වීමට විරෝධය පළ කළ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් මරණීය තර්ජන එල්ල කර විවිධ හිරිහැර කිරීම නිසා ඔවුන් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේම විශ්වවිද්‍යාලයෙන් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන 200 කට ආසන්න සිංහල සිසුහු පිරිසක්‌ පෙරේදා රාත්‍රියේ මහ වැස්‌සේම විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවල සැඟ වී සිටියහ.

මේ සිසුන් පවසන්නේ තමන්ට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් හෝ පොලිසියෙන් නිසි ආරක්‌ෂාවක්‌ නොලැබුණු බවයි. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සිසුන්ට දන්වා ඇත්තේ බිය නොවී ආපසු නේවාසිකාගාරවලට යන ලෙසයි. ගැටුම් ඇත.s කර නොගෙන සාමකාමී ලෙස හැසිරෙන ලෙස පොලිසිය තමන්ට දැන්වූ බව විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරවලින් එළියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියා සිටිති.

ප්‍රභාකරන් සැමරුමට විරෝධය දක්‌වා පැයක්‌ යැමටත් මත්තෙන් දෙමළ සිසුන් කණ්‌ඩායම් වශයෙන් පැමිණ තමන්ට හිරිහැර හා තර්ජනය කිරීමට පටන් ගැනීම නිසා නේවාසිකාගාරවලින් ඉවත් වී විශ්වවිද්‍යාලයේ පාලන කාර්යාලය වෙත පැමිණ සිදු වූ දේ පැවසුවත් පාලනාධිකාරියෙන් තමන්ට කිසිදු සහනයක්‌ සැලසුණේ නැතැයි සිංහල සිසුහු පවසති.

පසුව එම සථානයේ සිට මේ බව පොලිසියට දැනුම් දෙන ලද නමුත් පොලිසිය ඔවුන්ට නිසි ආරක්‌ෂාවක්‌ සපයා නොදීම නිසා ඔවුන් වෙනත් ආරක්‌ෂිත ස්‌ථාන සොයා ගොස්‌ ඇත.

පෙරේදා (26 දා) උදැසන විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් කේක්‌ කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ අවස්‌ථාවේදී සිංහල හා මුස්‌ලිම් සිසුන් නිහඬව සිටි නමුත් සන්ධ්‍යා කාලයේදීද උපන් දිනය සැමරීමට සිංහල සිසුන්ටත් මුස්‌ලිම් සිසුන්ටත් පැමිණෙන ලෙස දන්වමින් උපන්දින සැමරුම් උත්සවයක්‌ සංවිධානය කොට තිබේ. මේ අවස්‌ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පළ කිරීම නිසා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කර ඇත.

Related posts

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

“උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ.. ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවීමයි අවශ්‍ය” – අස්ගිරි මහානාහිමි

colombotoday

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

colombotoday

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday