Colombo Today Local News

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” අහෝසි කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඊයේ (31) ප්‍රකාශ කළාය.

මානව හිමිකම් අගයන රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පනතක් ගෙන ඒම සඳහා එලෙස ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කළ යුතු යැයි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය කීවාය.

එක් පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝණය වීම වුවද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බැවින් මානව හිමිකම්වලට අනුකූල රාජ්‍ය ආරක්ෂක පනතක් ගෙනා යුතු බව ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පෙන්වා දුන්නාය.

මානව හිමිකම්වලට අනුකූලව නීතිරීති සකස් කිරීම ලක්ෂ ගණනකගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමක් බව කී සභාපතිනිය රාජ්‍ය ආරක්ෂාව සහ ඊට අමතරව තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි ද පැවැසුවාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උඩගම මහත්මිය එම කරුණු කීය.

එහිදි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙසේ ද කීය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි. අපි ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දශක ගණනාවක කාලයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටත්ව මානව හිමිකම් ප්‍රබල ලෙස උල්ලංඝණය වී තිබෙනවා. රාජ්‍ය ආරක්ෂාව නොසලකා හැරිය යුතු බව මෙයින් අදහස් වෙන්නේ නැහැ. එවැනි නීතිරීතී නොතිබිය යුතු යැයි අප කියන්නේ නැහැ. එම නීති මානව හිමිකම් ආරක්ෂා වන අයුරින් සම්පාදනය විය යුතු බව තමයි අපි කියන්නේ.

රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පමණක් නොව අතුරුදන් වූවන්ගේ කාර්යාලය, මරණ දඬුවම, වෛරී ප්‍රකාශ යනාදි මාතෘකා රැසක් සම්බන්ධයෙන් අපි රජයට නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා. රජයට මානව හිමිකම් සම්බන්ධයෙන් උපදෙස් දීම කොමිෂන් සභාවේ එක කාර්යභාරයක්. රටේ නීතිරීති සහ ප්‍රතිපත්ති මානව හිමිකම්වලට අනුකූලව සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් දීමද අපේ කාර්යභාරයක්. නීතිරීති හා ප්‍රතිපත්ති මානව හිමිකම්වලට අනුකූලව සකස් කිරීම දසලක්ෂ ගණනකගේ යහපතට හේතුවෙනවා.

Related posts

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වලයි

Admin

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කෙරේ

colombotoday