World

වායු කපොල්ලකට හසුවූ ගුවන් මගියෙක් මිය යයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

ඉන් ගුවන් මගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම තත්ත්වයෙන් පසුව බොයිං වර්ගයේ මෙම ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බවයි.

ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මගීන් 211 දෙනාගෙන් 131 දෙනෙකු පසුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් ගමනාන්තය වෙත යොමුකර තිබෙනවා.

Related posts

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවට

Admin

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණීම රත්තරන් කරත්තෙන්

Admin

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday