Colombo Today Local News

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ, අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදියි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව එලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්.

නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා.

Related posts

ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීමේ සැලසුමක්

colombotoday

බොදු බල සේනාව තහනම් කරන්න – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් !

colombotoday

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

⭕⭕⭕Breaking News⭕⭕⭕ හිටපු ඇමති දුමින්ද අත්අඩංගුවට!

Admin

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin