Colombo Today Local News

HNDE සිසුන්ට පහර දුන්නාට පොලිස් පොඩ්ඩෙක් වැරදිකරු වේ… වහාම වැඩ තහනම්

yuqze37nවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුන්ට පහර දුන් බවට හඳුනා ගත් පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම පොලිස් නිලධාරියා කිරුළපන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකයකු බව පොලිස් ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට පැවසුවේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් කළ පරීක්ෂණයෙන් පසු එම වාර්තාව පොලිස්පතිවරයා වෙත එවා තිබුණු බවත් ඒ අනුව සිසුන්ට පහර දුන් බවට පැවසෙන පොලිස් පරීක්ෂකයාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර ගොනු කොට පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Related posts

ලංකා ගුරු සංගමයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අදත්

colombotoday

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday

ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූනි 9 ට

colombotoday

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

colombotoday