Colombo Today Local News

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

පුත්තලම් දිස්ත‍්‍රික්කයේ 2017 වර්ෂයේ හා 2018 වර්ෂයේ පළමු කාර්තුවේදි H I V (මානව ප‍්‍රතිශක්ති වෛරස) රෝග. පරික්ෂාව සඳහා පුද්ගලයන් 23798 ක් ලක්කර එයින් 2017 වර්ෂයේදි එඩ්ස් රෝගීන් 4 දෙනෙක් හා 2018 වර්ෂයේ පළමු කාර්තුවේදි රෝගීන් 2ක් සොයාගත් බව පුත්තලම් දිස්ත‍්‍රික් ලිංගාශ‍්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය රෝහන් අමරජීව මහතා පෙන්වා දුන්නේය.

පසුගියදා හලාවතදි මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකට එක්වෙමින් අමරජීව මහතා වැඩි දුරටත් පවසා සිටියේ සමාජයේ ආරක්ෂාවට හා පුද්ගල ආරක්ෂාවට තමන්ට යම්කිසි සුළුවෙන් හෝ සැකයක් ඇත්නම් මෙම රෝග පරික්ෂාව කර ගැනිම ඉතා වැදගත් බවත් තම කාර්ය මණ්ඩලය අදාල තැනැත්තාගේ රහසිගතබාවය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් මෙම රෝග පරික්ෂාව කිරිමට සුදානම් සිටින බවයි.

2018 වර්ෂයේ පළමු කාර්තුවේදි හඳුනාගත් රෝගීන් දෙදෙනාම පුරුෂ පාර්ෂවය බවත් ඔවුන්ට මෙම රෝගය වැළඳි ඇත්තේ සමලිංගික සේවනය තුළින් බවට තහවුරු වු බව වෛද්‍ය අමරජීව මහතා පැවසීය.

එමෙන්ම හලාවත මූලික රෝහලේ ලිංගාශ‍්‍රිත රෝග එකකය මගින් පුද්ගලයන් පරික්ෂාවේදි 2017 වර්ෂයේදි සමාජ රෝගීන් 461 ක හමු වු බවත් 2018 වර්ෂයේ පළමු කාර්තුවේදි සමාජ රෝගින් 91 ක් හඳුනා ගැනිමට හැකි වු බවත් මෙම තත්වය ඉතා භායනක තත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

Related posts

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday

විපක්ෂනායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර නිදහස් පක්ෂයට ??

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

මඩකලපුවේ හාමුදුරුවන්ට විහාරස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්

Admin

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday