Colombo Today Local News

HIV පැතිරීමේ බරපතළ අවදානමක්

කොවිඩ් වසංගත තත්ත්වය මත එච්.අයි.වී. සඳහා වන රුධිර පරික්ෂාවන්ට යොමු නොවීම හේතුවෙන් සමාජය තුළ එච්.අයි.වී. වෛරසය ව්‍යාප්ත වීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි එච්.අයි.වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කරයි.

රෝගය බෝකළ හැකි අවදානම් කණ්ඩායම් වෙත ගොස් ඔවුන්ගේ රුධිර පරික්ෂාවන් සිදුකළ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතු මුළුමනින්ම ඇනහිට ඇති බැවින් රුධිර පරික්ෂාවන් සිදුකර ගැනීම‌ට නොහැකි වී ඇතැයි අධ්‍යක්ෂවරිය පැවසුවාය.

අවදානම් කණ්ඩායම් වෙත ගොස් මසකට රුධිර පරික්ෂාවන් 1000 – 2000 අතර සංඛ්‍යාවක් සිදුකළ නමුත් මේ වන විට එම පරික්ෂා කිරීම් මුළුමනින්ම ඇනහිට ඇති අතර සායනයන් වෙත ස්වාච්චවෙන්ම පැමිණ රුධිර පරික්ෂාවන් සිදු කර ගන්නා සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ද සඳහන් කළාය.

සායනයන් වෙත මසකට එච්.අයි.වී. සඳහා වන රුධිර පරික්ෂාවන් සිදුකර ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයිද ඇය පෙන්වාදේ.

කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර වසරකට ආසාදිතයන් 350 – 450 අතර සංඛ්‍යාවක් හඳුනා ගැනීමට හැකි වූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ආසාදිතයන් සොයා ගැනීම අසීරු වී ඇතැයිද වෛද්‍ය රසාංජලී අවධාරණය කළාය.

රජයේ රෝහල් සියල්ලේම එච්.අයි.වී. සායනයන් විවෘතව පවතින බැවින් අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයන් සායනයන් වෙත පැමිණ රුධිර පරික්ෂාවන් කර ගන්නා ලෙසත් ආසාදිතයන් සිටින්නේ නම් ඔවුන්ගේ ඖෂධ නිසි ලෙස ලබා ගන්නා ලෙසත් අධ්‍යක්ෂවරිය ඉල්ලීමක් කරයි.

Related posts

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

colombotoday

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

colombotoday

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

colombotoday

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin