Colombo Today Local News

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

හෙරොයින් ග්‍රෑම් 18.24 ක් සන්තකයේ තබාගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධව වරදකරු වූ පනස්තුන් හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (03) මරණීය දණ්ඩනය නියම කෙළේය.

මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඩ් සිවාම් නිසාම් නමැත්තාට එසේ මරණීය දණ්ඩනය නියම වුණි. 2010 වසරේ රාජගිරිය සර්පන්ටයින් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

විත්තිකරු අත්අඩංගුවට පත් දින සිට අද දක්වා රක්ෂිත භාරයේ පසුවීම හේතුකොට ඔහුට ලිහිල් දණ්ඩනයක් ලබා දෙන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට මහත් ව්‍යසනයක් වී ඇති හෙයින් සමාජයට පරමාදර්ශයක් වන ලෙස විත්තිකරු හට උපරිම දණ්ඩනය ලබාදීමට අධිකරණය තීරණය කළ බව විත්තිකරු හට මරණීය දණ්ඩනය නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday