28 C
Colombo
9 April 2025
Colombo Today Local News

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

“දින 100” ගැන සඳුඳාට කියන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේදී ඊයේ (1) පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ නව ජන සන්නිවේදන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව කීය.

මෙහිදි හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලැබීය.

පත්වීම් ලිපිය ලබාදෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

“එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක සහ පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ඔහු ඊට සුදුසුකම් තිබෙන පුද්ගලයෙක්. ඔහු කළ කැපවීම නිසා අපිට ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කිරීමට ලැබුණා.  පාර්ලිමේන්තු ඡන්දේ දිනලා ආණ්ඩුවක් හදන්න ලැබුණේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිසයි. ඒ නිසා රටේ මාධ්‍ය සමඟ ජන සන්නිවේදන අංශ සමඟ වැඩ කිරීම අපි ඔහුට පවරා තිබෙනවා. ඒ කටයුතු ඔහු කරගෙන යනවා”.

“අන්තිමට සත්‍යය තමයි ජයගන්නේ” යැයි ද අග්‍රාමාත්‍යවරයා පත්වීම් ලිපිය අමාත්‍යවරයාට ලබාදෙමින් සිනා මුසු මුහුණින් යුතුව පැවැසීය.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය.

“එක්සත් ජාතික පක්ෂය මාධ්‍යය අංශයේ වෙනසක් කිරීමට අපි සැලසුම් කර තිබුණා. ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති රැගෙන යෑමේ අඩුපාඩුවක් තිබුණා. අපි සඳුඳට මේ වැඩසටහන ආරම්භ කරනවා. අපේ සන්නිවේදන දුර්වලතා මග හරිමින් අපි නව මාධ්‍යය ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ලබන සඳුඳා සිරිකොතෙන් මේක ආරම්භ කරනවා. එක්සත් ජාතික පක්ෂයට සත්‍යය තරමක් යටවෙලා තිබෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා ‘සත්‍යය’ මෙහි තේමාව වී තිබෙනවා. සත්‍යය කීම අපේ වගකීමක්. සත්‍යය ජනතාවට ගෙන යෑම ඔබේ යුතුකමක්. සත්‍යය තේරුම් ගැනීම ජනතාවගේ අයිතියක්.

අපි ඇත්ත කියන්න දැනගන්න ඕනේ. ඇත්ත ජනතාවට ගෙන යන්න ඔබ දැනගන්න ඕනේ. එය ඔබේ යුතුකමක්. ඇත්ත තේරුම් ගැනීම ජනතාව බුද්ධියෙන් කළ යුතු දෙයක්. ඒ නිසා සත්‍යය කියන වැඩසටහනත් එක්ක පරක්කු වෙලා හරි කමක් නෑ අන්තිම අවුරුදු දෙකේදී අපි සත්‍යය සමඟ ඉදිරියට පැමිණෙනවා.

Related posts

පළාත් අතර සංචරණයේදීත් එන්නත් ලබා ගත් කාඩ් පත අනිවාර්ය කරන්න – මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් යෝජනාවක්

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

colombotoday

පෙළපාළි යාම-මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම්

colombotoday

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday