සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය.
එසේම ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද නියත වශයෙන්ම එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.