Colombo Today Local NewsUncategorized

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් (35%) ඉහළ ගොස් ඇති බව නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද සියයට 72කින් (72%) පමණ ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේය.

නමුත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවය.

Related posts

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

Admin

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday