Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු 25 අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් නිදහස් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී තිබුණි.

අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය විය.

නිදහස් වීමෙන් පසු ජමාතේ ඉස්ලාම් ලේකම් සමග

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගේ සොහොයුරාගේ දරුවන් සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් අරාබි රටවලට යවා ඔවුන්ට අන්තවාදී ත‍්‍රස්තවාදී පුහුණුවක් ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කිරීම සඳහා අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණයන් යොමු කර ඇත්තේ ද මොහු විසින් බව මොහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය පැවසිය.

මුස්ලිම් තරුණයන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා අරාබි රටවලට යැවීමට මුදල් වැය කර එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ද මොහු විසින් බව හෙළි වී ඇත.

නිදහස් වීමෙන් පසු

ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාතේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් මෙම සංවිධානය විසින් යවා ඇත.

ජමාතේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මද්‍රසා පාසලේ ප්‍රථම විදුහල්පති වන A.G.M නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ගුවන්විදුලි වැඩසටහනකදී පිළිගෙන ඇත.

එම වැඩසටහනදී නතීර් මව්ලවි මෙසේ පවසා ඇත,

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පැවසුවා. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබුවා, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබුවා.

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ හවුල්කාර සංවිධානයක්

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස නම් කල දා

මේ අතර ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ සහය මෙවර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබා දී තිබෙනවා. තවද ජමාතේ ඉස්ලාමි අන්තවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ හවුල්කාර සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටියි.

Related posts

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday

බැසිල් අගමැති කරවීමේ සැලැසුම වෙල්ගම හෙළි කරයි

colombotoday

HNDE සිසුන්ට පහර දුන්නාට පොලිස් පොඩ්ඩෙක් වැරදිකරු වේ… වහාම වැඩ තහනම්

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday