World

මුස්ලිම්වරුන්ට ෆේස්බුක් “හහා රිඇක්ෂන්” මුළුමනින්ම හරාම් | පූජක මවුලානා අහමදුල්ලා ෆත්වා නිකුත් කරයි.

යූ ටියුබ් සහ ෆේස්බුක් හි විශාල අනුගාමිකයන් පිරිසක් සිටින බංග්ලාදේශ මුස්ලිම් පූජක මවුලානා අහමදුල්ලා විසින් ෆේස්බුක් හි ‘හහා’ ඉමොජි භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව ෆට්වාවක් නිකුත් කරමින් එය මුස්ලිම්වරුන්ට “මුළුමනින්ම හරාම්” ලෙස නම් කර තිබේ.

පූජකයාට අනුව, මිනිසුන් ෆේස්බුක් හි ‘හහා’ ඉමොජි භාවිතා කරන්නේ අන් අයට සමච්චල් කිරීමට ය. යම් පුද්ගලයෙක් ඉමොජි භාවිතා කරන්නේ හුදු විනෝදකාමී පදනමක් මත නම් එය හොඳයි, නමුත් එය අනෙක් පුද්ගලයින් සමච්චල් කිරීමට භාවිතා කරන්නේ නම් එය ඉස්ලාමය සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැත.

“දෙවියන් වෙනුවෙන්, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවෙන් වැළකී සිටින ලෙසයි. යමෙකුට සමච්චල් කිරීමට ‘හාහා’ සමඟ පිළිතුරු නොදෙන්න. ඔබ මුස්ලිම්වරයෙකුට රිදවන්නේ නම්, ඔහු අනපේක්ෂිත ලෙස නරක භාෂාවෙන් ප්‍රතිචාර දැක්විය හැකිය,” පූජකයා මිනිත්තු 3ක වීඩියෝවක් නිකුත් කරම්න් සඳහන් කරයි.

පූජකවරයාගේ අනුගාමිකයෝ ඔහුගේ මතයට අනුකූල වූ බව පෙනේ. නමුත් දහස් ගණනක් අනෙකුත් ජනයා පුජකයාගේ ෆට්වාව ඇතුලත් වීඩියෝවට ‘හහා’ ඉමොජියක් මගින් ප්‍රතිචාර දැක්වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බංග්ලාදේශ මුස්ලිම් පූජකයාට විහිළු කළහ.

Related posts

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

Admin

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday