Colombo Today Local News

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

පවතින කාලගුණය තත්ත්වය හමුවේ දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැක.

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය පණිවිඩවලට නියමිත පරිදි ප්‍රතිචාර දක්වන ලෙසය.

අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “රතු නිවේදනයක්” නිකුත් කර ඇතැයි පැවසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කඳුකරයේ හා ගංගා දෙපස වෙසෙන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බවය.

“කදුකරයේ ජනතාව, යම් නායයාම් ලක්ෂණයක් දුටු වහාම ඉවත් විය යුතුයි” යැයි පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, ගංගාවල ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයේ පැවතියද, ඉදිරියට බලපැවැත්වෙන වැසි හමුවේ එම ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන ලෙස ඉවුරු දෙපස ජනතාවට දන්වා සිටී.

අවශ්‍යතාවක් මතුවුවහොත් ඉවත්කිරීම් සඳහා යෝග්‍යවන පරිදි ආපදා කළමනාකරණ ඒකක, පොලිසිය, හමුදා ඒකක ඇතුළු විවිධ අංශ දැනුවත් කරන බවද ඔහු කියා සිටියේය.

මේ අතර මුහුදු ප්‍රදේශ ආශ්‍රිත තත්ත්වය සම්බන්ධයෙන් අනාවැකි පළකළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කරන බවය.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් කියා සිටියේ අදාළ ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකීම යෝග්‍ය වන බවය.

එසේම අවශ්‍ය තොරතුරු සඳහා 117 දරන දුරකථන අංකය පැය 24 පුරා විවෘත බව ද ඔහු කියා සිටියේය.

Related posts

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිබියදී ලැබුණ ඉන්දීය ණයෙන් යකඩ ගෙනත් – නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

colombotoday