Colombo Today Local News

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසන්නේ බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක පිරිසක් මේ වනවිට තෝරාගෙන අවසන් බව යි.

අද (01) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපාධිධාරී ගුරු පත්වීම් සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ගුරු විභාගය සමත් ඉතිරි පිරිස සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අප්‍රේල් නිවාඩුවෙන් පසුව ඔවුන්ට ද පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ය.

මේ අතර, උපාධිධාරීන් 2,700ක් විද්‍යාව, ගණිතය, තාක්ෂණික විෂය ධාරා යටතේ බඳවා ගැනීමට ගුරු විභාගය පවත්වා අවසන් බව ද පැවසු අමාත්‍යවරයා, මේ සතියේ ඔවුන්ගේ ප්‍රතිඵල ලබාදීමට නියමිත බව ද පැවසීය.

ඒ අනුව ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පුරප්පාඩු සඳහා පත්වීම් ලබාදීමට නියමිත බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

“අපිටත් අවශ්‍යයි ගුරුවරු. උපාධිධාරීන් බඳවා ගැනීමට බොහෝම කැමැත්තක් දක්වනවා. මෙයින් 15,000ක් වගේ ආවරණය වෙන්නේ ඉතිරි පිරිස ගැන රජය විසින් තීරණයක් ගනු ලබනවා.

උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ අපි බඳවා ගන්නේ, විෂය වර්ගය අනුව. ගුරු වර්ගය අනුව. නීති උපාධිය ගත්ත උපාධිධාරියෙකුට අපේ පාසල් තුළ පත්වීමක් දෙන්න බෑ. ඔහුට උගන්වන්න විෂයක් නෑ පාසල් විෂය තුළ. ඒ නිසා විභාගය සමත්වුණත් ඒ අය සම්මුඛ පරීක්ෂණයේ දී තමා ඔවුන්ගේ විෂයන් ටික දැනගන්නේ. ඒ විෂයන් සමග අපේ ගුරු වර්ගය ගැලපෙන්න ඕනේ. ඒවා සැසදුන අයට පත්වීම් දුන්නා. අනෙක් අය ගැන දැන් වැඩපිළිවෙලක් කරගෙන යනවා. පළමු වටයේ පත්වීම් ලැබුණේ විෂයන් තිබුණ උපාධිධාරීන්ට.”

ඊට අමතරව විශ්‍රාම ගිය සහ විදේශගත වූ ගුරුවරු වෙනුවෙන් සියලු පළාත් ආවරණය කරමින් පුරප්පාඩු 13,000කට අදාළව නව පත්වීම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය

Related posts

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday

GSP අපට එපා.. අපේ ආගමික අයිතියට අත නොතබනු.. රජයට එරෙහිව මුස්ලිම් පාර්ශව අවි අමෝරයි !

colombotoday

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday