extremism & terrorism activitiesWorld

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

ඇෆ්ගනිස්ථාන කාබුල් විශ්ව විද්‍යාලයට කඩා වැදුණු ත්‍රස්තවාදීන් තිදෙනෙක් අවම වශයෙන් සිදුන් 19 දෙනෙකු ඝාතනය කර තිබේ.

රජයේ ජේෂ්ඨ නිලධාරියෙකු විසින් ලබාගන්නා ලද ඡායාරූප වලින් දැක්වෙන්නේ සිසුන් පන්ති කාමරවල මිය ගොස් ඇති බවයි. එක් සිසුවෙකු ජනේලයෙන් එළියට යද්දී වෙඩි තබා ඇති බවක් පෙනෙන්නට තිබුණි.

“ඔවුන් දුටු දුටු සෑම සිසුවෙකුටම වෙඩි තැබුවා… පලා යන සිසුන්ට පවා වෙඩි තැබුවා,” ඇසින්දුටු සාක්ෂිකරු ෆතුල්ලා මොරඩි රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 19 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලැබූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තාරික් ඒරියන් පැවසීය.

තලේබාන් සංවිධානය කියා සිටියේ මෙම ප්‍රහාරයට ඔවුන්ගේ සටන්කරුවන් සම්බන්ධ නැති බවයි. කෙසේ වෙතත් ඉස්ලාමි රාජ්‍ය ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන ඇත.

ආරක්ෂක අංශ සිදුකල ප්‍රතිප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් තිදෙනාම මරා දමා ඇත.

කාබුල් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාර එල්ල කල අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්

Related posts

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

colombotoday

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

colombotoday

ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්

Admin

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin