නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (21) උදෑසන 7.15ට පමණ මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමක් සිදුකර තිබේ.
එම සිදුවීමෙන් වෙඩිවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙකි.
ඔහු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවක් පවසයි.