ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසන්නේ නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සම්මුඛ පරික්ෂණ කටයුතු 13,14 සහ 15 යන තෙදින තුළ පැවැත්වෙන බවය.
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නියමිතව පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 4,232කු සිටී.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.