BusinessColombo Today Local News

ලොව පුරා රත්‍රන් මිල ඉතිහාසගත ඉහළම අගයට!

ද (17) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345ක් ලෙස සටහන් විය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කළ නව තීරුබදු ප්‍රතිපත්තියත් සමග සිදුවූ මෙම අති දැවැන්ත ඉහළ යාම ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ඉහළම අගයකට පැමිණි අවස්ථාවයි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර ඇමරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීමත්, ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීමත්, අමෙරිකාව සහ චීනය අතර හිස ඔසොවමින් පවතින වෙළෙඳ යුද්ධයත් ප්‍රධාන හේතු සාධක වී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.

මේ අතර ගෝලීය රන් මිල ඉහළ යෑමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ තොරතුරු නිකුත් කරන GOLDCeylon Gold News Network සඳහන් කරන ආකාරයට අද (17) උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000 ක් වන අතර, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000ක් දක්වාද ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ තිබේ.

එසේම ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙසින් සටහන්ව තිබිණි.

සටහන – මන්දාකිණි

Related posts

එජා ප්‍රඥප්තිය කඩකරලා.. අල් හුසේන්ට විදෙස්ගත ලාංකික සංවිධානයකින් නඩු!

colombotoday

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

Admin

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවතට… බද්ද රැස්කිරීම මුදල් අමාත්‍යංශයේ වෙනම ඒකකයකට ?

colombotoday