අද(12) දිනයට යෙදී ඇති සිරකරුවන්ගේ ජාත්‍යන්තර දිනය දා ඥානසාර හිමි බැලීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැලිකඩ බන්දනාගර රෝහලට වැඩම කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
සෑම වසරකදීම සැප්තැම්බර් 12 වනදා සිර කරුවන්ගේ දිනය නිමිත්තෙන් අමුත්තන් මුණගැසීම සඳහා ඇති සීමා ලිහිල් කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය පියවර ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට පසුගිය දා බන්ධනාගාර රෝහලට රැගෙන ගිය අතර ඉන් පසුව උන්වහන්සේට අමුත්තන් හමුවීමට බන්ධනාගාරය ඉඩ ලබා දුන්නේ නෑ.