Colombo Today Local News

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදීන් සහ ත්‍රස්තවාදීන් පිළිබඳව කරුණු දැනගැනීම සඳහා රහස් පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර රෝහල වෙත ගොස් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුණ ගැසී තොරතුරු ලබා ගෙන තිබෙන බව අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා.

සිරදඬුවමකට යටත් කොට සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි මෙම මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට වසර ගණනාවකට පෙර සිට දිගින් දිගටම රටට කරුණු හෙළි කළ ද පාලකයන් එය ජාතිවාදය ඇවිස්සීමක් ලෙස සලකමින් උන්වහන්සේගේ තොරතුරු බැහැර කර දැමිය.

මෙරටට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ගලගොඩඅත්තේ ඥනසාර හිමි කී තොරතුරු සත්‍ය බව රටටම අවබෝධ වූ අතර මේ වන විට බුද්ධි අංශ ද උන්වහන්සේගේ පිහිට පැතීමට පටන් ගෙන ඇත.

මේ වන විට සිරදඬුවමකට යටත්ව සිටින උන්වහන්සේට ජනාධිපති නිදහස ලබාදෙන ලෙසට ත්‍රෛනිකායික මහනාහිමිවරු කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පමණක් නොව අන්‍යාගමික නායකයන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබේ.

අයි එස් අයි එස් වැනි ලොව ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධාන එක්ව ශ්‍රී ලාංකික ජනතා විනාශ කිරීමට පියවර ගෙන තිබෙන මේ මොහොතේ දී වත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදීම සිදුකල යුතු බව ත්‍රස්තවිරෝධී එකමුතුවේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමි මව්බිමට පවසා ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර රටත් ජාතියත් ආගමත් රැකගන්නට උන්වහන්සේගේ දැනුම හා අවබෝධය මේ මොහොතේ දී බුද්ධි අංශ වලටත් අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ කියා සිටියහ.

Related posts

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

ජනපතිගේ රුව සහිත ‘පඹයෙක්‘ මහමග දමා ගිනි තබයි.. ගාල්ල යුද පිටියක් වෙයි (Photo)

colombotoday

මාස දහයක් තිස්සේ මටත්, මගේ පවුලටත්, එජාපයටත් පව්කාරයා සේ සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? රවී අසයි

colombotoday

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday