Colombo Today Local NewsExclusive :

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

“මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා.  ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට.” 

අතුරුදහන් වී සිටිනවා යැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අද (29) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව තිබූ නඩුව කැඳවනු ලැබු අතර මීට ඉහතදී  හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමි  වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් මාස හයක සිර දඬුවම එහිදී අත්හිටුවනු ලැබීය.

 කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 ක වන්දි මුදලක් සහ ඥානසාර හිමිට එරෙහි ව තිබුණු චෝදනා දෙකට රුපියල් එක්දහස් පන්සියය බැගින් වූ දඩ මුදල් දෙකක් එනම් රුපියල් 3000 දඩ මුදල ගෙවීමට නියෝග කර තිබුණු අතර අද (29) දින එම මුදල් ගෙවනු ලැබිණි.ඒ  අනුව මෙම නඩුව අද දින අවසන් විය.

Related posts

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.

colombotoday

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

colombotoday

“අද අපට උදව් කරන්න.. හෙට අපි රටටම බත් දෙන්නම්” බෝගස්වැව ගොවි, රණවිරු මව්වරුන්ගේ ආයාචනය

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

දැන් සතුටුද කියා මගෙන් අහනවා… නෑ මම සතුටු නෑ – ප්‍රතිසංවිධානය ගැන සජිත් කියයි

colombotoday