Colombo Today Local News

ජනපති සමාව අභියෝගයට ලක් කල නඩුව කල් යයි. ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට

වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා දුන් නියෝගයට විරුද්ධව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම දෙසැම්බර් 5 වනදා දක්වා කල් තැබීමට අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සමග නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ සංජය මාරබේ, නීතිඥ නිලූකා දිසානායක යන මහත්ම මහත්මීන් පෙනී සිටින ලදි.

Related posts

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday

අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන..

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

ප‍්‍රභාකරන්ගේ නිවසට ගොස් හඬාවැටුණු ඉන්දීය නළු සතීස් කුමාර් ගැන පරීක්‍ෂණ

colombotoday