Colombo Today Local News

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

ඔහේ උපන්නාට මේලොව වැනෙනවා විනා කියන පරිද්දෙන් අවුරුදු සීයක් එකසිය පනහක් නිකන්ම නිකන් ඉඳලා වැඩක් නැති බවත් උපන්බිමට ණය නැතුව මේ ඉන්න ටිකකාලේ මතක සටහන් තබා මිය යෑම වටිනා බව රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඊයේ (30) කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ 300ක් භික්ෂූන් වහන්සේ පිරිවරා පැවැත්වූ සූ විසි ගුණවරුණ සෙත් පිරිත් ශාන්ති පුජාව පවත්වමින් අතරතුර පැවසීය.

“අපි අපේ ජාතිය ගැන කතාකරනකොට අපිට ජාතිවාදියෝ අන්තවාදියෝ ආගම්දිවාදියෝ මේ යුද්ධ පුත්‍රයෝ කියලා කියනවා. සමහර වෙලාවට පව්කාර මිනිස්සු කොච්චරක් ඉන්නවද? අපිට නමින් අමතන්නේ… එදත් සංසාරේ අපිත් එක්ක අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. හැබැයි අපි ඒ ගොල්ලන්ට වඩා උඩින් ඉන්නේ. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා.” යැයි උන්වහන්සේ සඳහන් කරන ලදි.

“අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. මොකද්ද ජාතිය ගැන අදහස කියලා සිද්ධාර්ථ බෝධි සත්වයන්ගෙන් අහපුවහම, බෝධි සත්වයෝ කියනවා බුදු වන ආත්මය දක්වා මම උපන් ජාතිය වෙනුවෙන් රැකවරණය සලසනවා කියලා. ඒක තමයි බෝධිසත්ව ආදර්ශය. බුදු වුනාට පස්සේ කිසිම ජාතියක් ගැන හැගීමක් නෑ.” යැයි සඳහන් කර සිටි ඥානසාර හිමියෝ “අපිත් මේ කරන්නේ ඒ මග යෑමයි. කවුරුන් මොන ආකාරයෙන් විග්‍රහ කර ගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ..” යනුවෙන් පැවසීය.

“මේ කටයුතු කරන්නේ ප්‍රතිපත්ති ගරුකව දර්ශනයක් ඇතුව බවත් ඒ බුද්ධ ශාසනයත්, අපි උපන් බිමත්, අපි අයත් දැයත් ඉහලින් ඔසවා තබන්න පමණක් නොව මිථ්‍යාදෘෂ්ඨික බලවේගවලින් මේ බුද්ධ භූමිය ආරක්ෂා කරගෙන ඊළඟ පරම්පරාවට මේ භුමිය ආරක්ෂා කරලා තියන්න ඕනි උන්ටත් නිවන් දකින්න පුළුවන් විදිහට” යැයි සඳහන් කර සිටි උන්වහන්සේ “අතීත මුතුන් මිත්තෝ තමන් අතට පත්වෙච්ච නිවන අතහැරලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල නිසයි අද මේ සෑ භුමියේ මල්පුදන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ.” යැයි අවධාරණය කරන ලදි.

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා වේවා යන ප්‍රාර්ථනයේන් “සූ විසි ගුණවරුණ සෙත් පිරිත් ශාන්තිය” ඊයේ (30) සවස 6 සිට කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේදී ජනතා සහභාගිත්වයකින් තොරව පැවැත්විණි.

Related posts

මානව හිමිකම් කොමසාරිස්ට විරෝධය පා කොළඹ UN කාර්යාලය වටලා උද්ඝෝෂණ

colombotoday

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

colombotoday

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

colombotoday

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday

අක්කර 50ක රිලා සිරගෙයක්?

Admin

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday