Colombo Today Local News

ඤාණසාර හිමි ඇප මත නිදහස්..

ප්‍රගීත්  එක්නැලිගොඩගේ බිරිදට  බැණ තර්ජනය කිරීමට වරදකරු වීම නිසා මාස හයක සිර දඩුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇපමත නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කල අභියාචනය සලකා බැලූ හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිමියන් නිදහස් කිරීමට නියෝග කළේය.

ඥානසාර හිමියන්ට විදෙස්ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය. ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් සිටියේ නැත.

 

 

Related posts

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභයට කැනඩාවේ ඔවුන් සතු වත්කමක් තහනම් කරමින් සම්බාධක පනවයි

Admin

ආණ්ඩුව ගෙදර යායුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

කොවිඩ් දේහවල අවසන් කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය උපදෙස් මත එක නීතියක් යටතේයි. අස්ගිරි මල්වතු පාර්ශ්ව

colombotoday

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday

බුදුරුව සහිත සාරියක්‌ ඇන්ද කතක් පොලිස් අත්අඩංගුවට

colombotoday