රටේ ජනතාව නායකයෙකු සොයමින් සිටින බවත්, රට ගොඩනැගිය හැකි සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාව විසින් තෝරාගනු ඇති බවත් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මීළග ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වුවහොත් සහය දෙන්නේදැයි Colombotoday කල විමසීමකට පිළිතුරු දෙමිනි.
කෙසේ වෙතත් සංවිධානයක් වශයෙන් තමන්ට වැදගත් වන්නේ පුද්ගලයන්ට වඩා රට ගොඩනගන ඔවුන්ගේ ප්‍රතිපත්ති බවද උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්විමින් කියා සිටියේය.