Colombo Today Local News

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

සෑම ගමක්ම සංවර්ධනය කෙරෙන ‘ගම්පෙරළිය’ වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවත්, ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීමට ඊයේ (16දා) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ජනතාවට සහන සැලසීමේ තවත් දැවැන්ත පියවරක් මේ මස ආරම්භ කෙරෙනවා. ඒ ගම්පෙරළිය වැඩසටහනයි. සෑම ගමක්ම සංවර්ධනය කෙරෙන මේ වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ගම්මාන වැඩි දියුණු කෙරෙනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමටද නියමිතයි. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇති” යනුවෙන් පවසා සිටියේය.

Related posts

පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි.

colombotoday

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

කතරගම මහ දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී

colombotoday

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

ගෑස් සඳහා කලු කඩ මිලක්. සිලින්ඩරයක් රු.4500 යි.

colombotoday

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday