Colombo Today Local News

මහාවංශයේ උදාහරණ බෞද්ධ මතය ලෙස මුස්ලිමයන් ඉදිරියේ ප්‍රකාශයක් කල ගල්කන්දේ ධම්මානන්ද හිම්ට බොදු බලෙන් ලිපියක්

පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිම් වෙත යොමු කෙරෙන විවෘත ලිපිය.

2019 සැප්තැම්බර් මස 13 අගහරුවාදා සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මිෂ්කාත් පර්යේෂණ ආයතනය විසින් එළිදැක්වූ ” අල්- කුර්ආනය ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේද? ” ග්‍රන්ථය සම්බන්ධව ඔබ වහන්සේ විසින් පවත්වන්නට යෙදුන විචාර දේශනය හා බැදේ.

රැස්වීම අවසානයේ ඔබ වහන්සේ සමග මෙම දේශනය පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට උත්සාහ කළද මා සමග සම්මුඛ වීමට අකමැත්තෙන් මගහැර ගිය වගක් මට දැනුනි.

ඔබවහන්සේගේ අදහස් දැක්වීම ආරම්භයේදීම ඔබවහන්සේගේ සමාජ දැනුම ගැන හා සමාජ පසුබිම පිළිබඳව මට පුදුමයක් ඇතිවිය.

ඔබවහන්සේ මුලින්ම ප්‍රකාශ කළ පරිදි ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක් කුර්ආනය පාරායනය කළ බව මුලින්ම ඔබවහන්සේ අද දුටු බව හා මෙම සංවිධායකයින් එසේ කිරීම ඔබවහන්සේගේ ඇගයීමට ලක් විය. මෙම ප්‍රකාශය තුළ භික්ෂුවක් මේ ආකාරයෙන් මෙම රැස්විමේ සංවිධායකයින්ගේ උත්සාහය අගය කිරීම පිළිබඳව අත්පොලොසන් දී සතුට ප්‍රකාශ කලද, මෙම ප්‍රකාශය තුළින් ඔබ වහන්සේ ප්‍රකාශ කලේ මුස්ලිම් කාන්තාවන් යම් බලපෑමකට ලක් වී සිටින බව හා දැන් යම් නිදහසක් ලබමින් සිටින බවක් නොවේද යන්න මගේ සිතට මුලින්ම දැනුනි.

අද සමාජයේ කාන්තාවන්ට බොහෝ ස්ථානයන්හි දී නියෝජනයක් නොමැති බවට ආකර්ෂණීය උදාහරණ දෙමින් ආරම්භ කළ දේශනය හා මෙම ග්‍රන්ථය අතර ඇති සම්බන්ධතාවය ආරම්භයේදීම තේරුම් ගැනීමට මා හට තරමක් අපහසු විය.

දේශනය අවසානයේ “ශුද්ධ වූ කුර්ආනය පරිශුද්ධ කිරීමට” ඔබවහන්සේට යම් වගකීමක් පවරා තිබූ බව අපට පැහැදිලි විය. ඔබවහන්සේට සෑම අතින්ම ඒ පිලිබඳ අයිතියක් ඇති බව අප පිළිගනිමු. එය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන ඔබවහන්සේගේ වෘත්තීය හා මානව අයිතියක් ලෙස සලකා අප ගරු කරන්නෙමු.

එහිදී ඔබවහන්සේ මෙම ග්‍රන්ථය පිළිබඳව විචාරයක් කිරීමද අපට ගැටලුවක් නොමැත. බුදු දහම ඇසුරෙන් තුලනාත්මක විග්‍රහයක් සිදුකිරීම ද අපට ගැටලුවක් නොමැත.

ඔබවහන්සේගේ කතාවේ අරමුණ වූයේ සමාජ සන්දර්භය තුළ සියල්ල සලකා බැලිය යුතු බවය. ඔබවහන්සේ නම් පැහැදිලිවම ඔබවහන්සේට පවරා තිබූ සන්දර්භය තුළ සිය භූමිකාව කළ බව ඉතා පැහැදිලිව පෙනුනි.

එනමුදු ඔබවහන්සේගේ දේශනය තුළ අපහට මූලික ගැටලු කිහිපයකි.

කුර්ආනයේ ඇති ඉතිහාස කොටසක් ගැන හා එහි සතුරාට පහර දී ඝාතනය කිරිම පිළිබඳ වැකි පිළිබඳව එහි කථිකයන් අදහස් ප්‍රකාශ කළ අතර, සාමකාමීව අර්බුද විසඳීමේ කුර්ආනයේ ප්‍රවේශය හා එසේ කළ නොහැකි විට අවසාන ක්‍රියාදාමය “යුද්ධය හා සතුරා ඝාතනය” බවට අදහස් ඉදිරිපත් කෙරුනි.

බෞද්ධ ධර්මය අනුව කිසිවිටෙකත් “යුද්ධය හා සතුරා ඝාතනය” යන මතය සාධාරණීකරණය කළ නොහැකිය. මා පුදුමයට පත් වූයේ ගල්කන්දේ හිමියන්ගේ යුද්ධය පිළිබඳ උදාහරණය නිසාවෙනි.

සිංහල රාජ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් වූ මහාවංශයෙහි ඇතැම් කරුණු ඉදිරිපත් කරමින් පෙර රජ දවස රහතන්වහන්සේලා විසින්, මිනිස් ඝාතන සිදුවූ යුද්ධයට රජවරුන්‍ට ආශිර්වාද කළ බවත්, ඒ සඳහා උපදෙස් ලබා දුන් බවත් හැඟෙන ලෙස ප්‍රකාශ කරමින් අදාල සමාජ සන්දර්භයන් තුළ කුර්ආනය මෙන්ම බුදුදහම තුළද “යුද්ධය හා සතුරා ඝාතනය” සාධාරණීකරණය කළ බවක් හැඟෙන සේ අදහස් ප්‍රකාශ කළේය.

අනතුරුව පසුගිය තිස් වසරක යුද්ධයේදී අපේ භික්ෂුන්වහන්සේලා සොල්දාදුවන් හට ආශිර්වාද කළ බවත් ඒ අනුව බුදුදහම තුළ ද කුර්ආනයේ මෙන්ම “යුද්ධය හා සතුරා ඝාතනය” සාධාරණියකල හැකි තැන් ඇති බවට උදාහරණ සපයන්නට උත්සාහ කළ බවක් හැඟුනි.

මෙවැනි දේශන වලින් සමාජගතකිරීමට උත්සාහ කරනුයේ අර්බුද සාමකාමීව විසඳිය නොහැකි නම් අවසාන විසදුම ලෙස “යුද්ධය හා සතුරා ඝාතනය” පිළිගත යුතුය යන මතවාදයක් සියලු ආගම් වල ඇති බවත් ඒ අනුව බලන කල බුදු දහමත් කුර්ආනයත් අතර වෙනසක් නොමැති බව ඒත්තුගැන්වීමයි.

1) බුදු දහම යනු බුද්ධාගම නොවන බවත්, සමාජ සන්දර්භය අනුව නොවෙනස් සනාතන ධර්මයක් වන බුද්ධ ධර්මය ආශ්‍රයෙන් විවිධ වු බුද්ධාගම්, බෞද්ධ සංස්කෘතීන් හා බෞද්ධ ඉතිහාසයන් මේ වන විට බිහි වී ඇති බවත්, ඔබවහන්සේලා වැනි අය මේ සියල්ල තුළ අතරමං වු ස්වභාවයක් වත්මනෙහි සුලබව දැකිය හැක.

2) මහාවංශයේ උදාහරණ ගෙන එය බෞද්ධ ධර්මය ලෙස හුවා දක්වමින් ඔබවහන්සේ විසින් සිදුකළ දේශනය අසත්‍ය කරුණු ඉදිරිපත් කිරිමකි. එමෙන්ම එහි රැස්ව සිටි මුස්ලිමයන් බොහෝ දෙනා බුද්ධිමය ලෙස නොඟ යැවීමකි.

3) භික්ෂුන්වහන්සේලා සොල්දාදුවන්ට පිරිත් නූල් බැඳ, පිරිත් කියා සිදු කළේ “යුද්ධය හා සතුරා ඝාතනය” ට ආශිර්වාද කිරීමක් නොවේ. එහිදි සිදුවන්නේ භයානක ජිවිත අනතුරට ලක් වන බෞද්ධ හෝ අබෞද්ධ සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂාවට ආශිර්වාද කිරීමකි. ඒ විනා “යුද්ධය හා සතුරා ඝාතනය”ට ආශිර්වාද කිරීම නොවේ.

පුරාවිද්‍යා විද්වතකු හා භික්ෂුවක් වන ඔබවහන්සේ පැහැදිලිවම මහාවංශය යනු බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් නොවන බව දැන දැනම මෙසේ ප්‍රකාශ කිරීම විශ්ව විද්‍යාල උගතකු ලෙස හෝ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය වලපොල රාහුල හිමි අනුස්මරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ඔබවහන්සේ විසින් නොකළ යුතු බව මාගේ හැඟීමය. මෙහිදි ඔබවහන්සේ “කුර්ආනය” සැසඳිය යුත්තේ “ත්‍රිපිටකය ” සමඟ මිස “මහාවංශය” සමඟ නොවන බව බෞද්ධ ධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමැති මාගේ අදහසය.

ගිහියකු ලෙස භික්ෂුවක් සමඟ තර්ක කිරීම සම්ප්‍රධාය නොවුන ද ඔබවහන්සේ විසින් ප්‍රසිද්ධියේ කළ මෙම විකෘති සහගත ප්‍රකාශයෙන් මා පුදුමයට පත් වූ නිසා මෙම විවෘත ලිපිය ඔබවහන්සේ වෙත ඉදිරිපත් කරමි.

සනාතන ධර්මයක් වන බුද්ධ ධර්මයට මෙවැනි ක්‍රියා හේතුවෙන් අපහාස විමක් සිදු නොවන බව සත්‍යයක් වුවද බෞද්ධයන් වන අප හැමවිටම සත්‍යවාදි විය යුතු බව මාගේ හැඟීමය.

යමෙකුට ශුද්ධ වූ කුර්ආනය ශුද්ධ කිරීමට අවශ්‍ය නම් “මුස්ලිමයන්ගේ සුරතලෙක්” ලෙස, එවැනි භුමිකාවක් රගපෑම අපට ගැටලුවක් නොවේ. මෑතකාලයේ සිංහල ජාතිකත්වයට එරෙහිව විජාතිකයන්ගේ සුරතලුන් වීමේ කුඩා සමාජ රැල්ලක් ඇතිබව අප දනිමු. එහෙත් අසත්‍ය සත්‍ය ලෙස දක්වමින් බුදුදහම පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් යම් භූමිකාවක් යමෙක් රඟදැක්ව්මට උත්සාහ කරන්නේ නම් එය සමාජ ගැටලුවක් බව අපගේ හැඟීමයි.

මෙවැනි ප්‍රවේශයන් තුළින් සිදුවන්නේ සංහිදියාව වෙනුවට අනවශ්‍ය ගැටලු සමාජගත කිරීමක් බව අපගේ අදහසයි.

ඉස්ලාමික ප්‍රතිසංස්කරණයක් පිළිබඳව සිතන්නට අපේ ඉස්ලාමිකයින්ට අදහසක් පහලවීම හා කුරාණය පිළිබද සමාජ කතිකාවත අලුත්වීම සහරාන්ගේ බෝම්බ නිසා සිදුවූ එක් සාධනීය කරුණක් බව මෙම දේශන වලින් අපට හැගුනි. එමෙන්ම කුර්ආනයේ ඉතිහාසය පිළිබද කොටසෙහි ඇති
“යුද්ධය හා සතුරා ඝාතනය” හුදෙක් ඉතිහාසයක් පමණක් නොව එය ඉස්ලාමීය සමාජසන්දර්භය තුළ අර්බුද කළමනාකරණයේ අවසාන විසඳුම වර්තමානයටත් , අනාගතයටත් අදාල බව පිළිගත් පිරිසක් සිටින බව මෙම රැස්වීම අවසානයේ මට පැහැදිලි විය.

කෙසේ වුවත් “මහාවංශය” නම් වූ ඉතිහාස පොත කියවන සිංහල බෞද්ධයන් සිය ආරක්ෂාව උදෙසා කෙතරම් යුද්ධ කළද “සිය ධර්මය වෙනුවෙන් බෞද්ධයන් යුද්ධ ආරම්භ කිරීම, හෝ බෞද්ධ ධර්ම ග්‍රන්ථ ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේද? ” යන ග්‍රන්ථ ලිවීමට කිසිදිනක , කිසිවෙකුටවත් සිදු නොවන බව සිහිපත් කරමින්, කුර්ආනය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ අපේ මුස්ලිම් හිත්වතුන් හා ගල්කන්දේ ධම්මානන්ද හිමිටත් මෛත්‍රීය වඩවා නින්දට යාමටත් මට හැකි විය.

සත්‍ය ලෙසම අපට අත්‍යවශ්‍ය වී ඇත්තේ අපේ රටට මීට වඩා දියුණු තත්වයක් ඇති කිරීම ය. ඒ සඳහා සාමය හා සංහිදියාව අතිශය වැදගත්‍ වේ.

ආගම් හෝ ධර්මයන්, දේශපාලනය හා ව්‍යාපාර වෙනුවෙන් යොදා ගැනිමේ ජාතික හා ජාත්‍යන්තර උත්සාහයන්තුළින් සාමාන්‍ය ජනයාගේ ගැටලු විසඳීම අමතක කොට ආගමික හා ජනවාර්ගික ගැටලු සමාජගත කොට ඉදිරියට ගෙන ඒම බහුලව දැකිය හැකි පරිසරයක් තුළ අප සියලු දෙනාට ආගම් හා ජනවාර්ගික ගැටලු වල කොටස් කරුවන් වනවාට වඩා ධාර්මිකව සිතීමේ, ජීවත්වීමේ හා කටයුතුකිරීමේ වගකීමක් මෙන්බ අභියෝගයක් අප සියලු දෙනා ඉදිරියේ ඇත.

එවන් මොහොතක අප ප්‍රවේශමෙන් ආගම් තුලනාත්මකව සැසඳිය යුතු බව මාගේ පරම විශ්වාසය යි.

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිළධාරී.
බොදු බලසේනා සංවිධානය.

Related posts

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

colombotoday

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්

colombotoday

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

colombotoday

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday