Colombo Today Local News

දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා ඇද දමා නිවස අත්පත් කර ගැනීමට උත්සහා දැරූ උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අල්ලන්න හොයයි

ඇමැතිවරයකුගේ නම භාවිත කරමින් මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක් බලෙන් අත්පත් කර ගැනීමට ගිය බව කියන ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

දෙහිවල කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනා මෙම නිවසේ එම මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙයි. ව්‍යාපාරිකයාගේ දෑස් නොපෙනෙන බැවින් ඔහු සහායකයකු මාර්ගයෙන් එදිනෙදා කටයුතු කරගෙන ජීවත් වෙයි. ඔහුගෙන් වෙන්ව සිටින බිරිඳ ජීවත්වන්නේ මෙම නිවසෙහි උඩු මහලෙහිය.

මේ අතර පසුගියදා වාහන කිහිපයකින් පැමිණි විස්සකට අධික පිරිසක් නිවෙස් හිමියා එළියට ඇද දමා මෙම නිවස අත්පත් කිරීමට උත්සාහ දරා ඇතැයි ව්‍යාපාරිකයා විසින් දෙහිවල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නේ ඉහත කී උප නගරාධිපතිවරයාය. මීට පෙරද විවිධ චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසියට නියෝග ලබා දී ඇති බවකි.

Related posts

වසන්ත මුදලිගේට ඇප

Admin

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin