Colombo Today Local News

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු පවතින වසංගත තත්ත්වය තුළ සුළුතර මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ප්‍රසිද්ධියේ වෛරී ප්‍රකාශ සිදුකර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

නිව්යෝක් පදනම් කරගත් හියුමන් රයිට්ස් වොච් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් 19 වසංගතය හිතාමතාම ව්‍යාප්ත කිරීම සඳහා මුස්ලිම්වරුන් වගකිවයුතු බවට සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසට රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි.

හියුමන් රයිට්ස් වොච් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ. කොවිඩ් 19 සංකූලතා හේතුවෙන් මියයන ඕනෑම අයකු ආදාහනය කළ යුතු බවට ශ්‍රී ලංකා රජය 2020 මාර්තු 27 ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එය ඉස්ලාමීය ආගමික වත්පිළිවෙත්වලට පටහැනිය. ආදාහනය ‘සංස්කෘතික වරණය සහ පවතින සම්පත්’ මත තීරණය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. එම නිසා මෙම නීතිය ආගමික නිදහස උල්ලංඝනය කරන්නක් බවත් වෛරී ප්‍රකාශ සහ කොවිඩ් 19 ආසාදිත මුස්ලිම්වරුන් අපකීර්තියට පත් කෙරෙන ප්‍රකාශ කෙරෙහි පසුගිය අප්‍රේල් 8 වැනිදා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් සිව්දෙනෙකු විසින්ද වාර්තාවක් නිකුත් කර ඇත.

හියුමන් රයිට්ස් වොච් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ආදාහනය කිරීමේ නීතියට එරෙහිව ෆේස්බුක් සටහනක් තැබූ මුස්ලිම් ජාතික රම්සි රසීක් නමැත්තකු හට මරණ තර්ජන එල්ල වූ බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත්ය

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතිය

Admin

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

colombotoday

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

අපේ රැකියා ඉන්දියාවට බිළි දෙන එට්කා එපා – වෘත්තිකයන්ගේ මහ විරෝධය අද හයිඩ් පිටියේ

colombotoday

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin