Colombo Today Local News

බෞද්ධ රටේ භික්ෂුවකට උපන් බිමේ මිහිදන් වීමටත් තහංචි වැටෙද්දී ප්‍රංශ රජය බුද්ධාගමට ගරු කරන හැටි !

පසුගිය 26 වන දා මිය ගිය ප්‍රංශයේ හිටපු ජනාධිපති ජැක් ෂිරාක් මහතාගේ අවසන් කටයුතු ප්‍රංශ රජයේ රාජ්‍ය ගෞරව සහිතව අද පැරිස් හි දී සිදු කෙරිණි. වසර 12ක් ජනාධිපති ධුරය හෙබවූ ඔහු ප්‍රංශ යේ පස්වන ජනාධිපතිවරයා ය.

අද පැවති අවමගුල් උත්සවයේ ආගමික වතාවත් සදහා ප්‍රංශයේ ප්‍රධාන ආගම් නියෝජනය කරමින් ආගමික නායකයන්ට ආරාධනා කර තිබිණි. ඒ අතරට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ද ප්‍රංශ රජයේ ආරාධනාව මත බෞද්ධාගමික වතාවත් සිදු කිරීම සදහා වැඩම කර සිටියහ.

ප්‍රංශයේ බෞද්ධ ආගමික ප්‍රතිශතය 1%කට වඩා අඩුවන අතර එයිනුත් ථෙරවාද බුදු දහම අදහන පිරිසද ඉතා අඩු ප්‍රතිශතයකි. එසේ වුවත් ප්‍රංශ රජය බුද්ධාගමට විශේෂ තැනක් ලබා දී තිබීම සුවිශේෂී ය.‍

ලොව ප්‍රබලතම කතෝලික රාජ්‍යයක් වන ප්‍රංශය එරට ඉතාම සුළුතරයක් අදහන බුද්ධාගමට එසේ සුවිශේෂි ගෞරවණීය තැනක් ලබා දෙමින් කටයුතු කරද්දී, ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය වූ, බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීමට ව්‍යවස්ථාවෙන් සපථ කළ ශ්‍රී ලංකාව නම් බෞද්ධ රටේ, අද බුද්ධාගමටත්, මහා සංඝයාවහන්සේටත් අත්වෙමින් පවතින ඉරණම ඛේදජනකය. භික්ෂූන් වහන්සේ නමකගේ දේහයත් විහාර භූමියේ වළ දැමීමටත් තහංචි වැටෙන තැනට, ව්‍යාජ සංහිදියාවෙන් මුලා වූ පාලකයන් විසින් බෞද්ධ ජනතාව අසරණ කරදමා අවසානය.

Related posts

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

ඉන්දියාවෙන් තෑග්ගක්

Admin