Colombo Today Local News

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදියි.මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා. ගම්මන්පිල

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදිව සඳහන් කළ ආකාරයට තෙල් මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා මිස මිළ වැඩි වීමේ ප්‍රශ්නයක් නිසා නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියි.

අද (14) පැවති මාධ්‍ය හමුවක් ඇමතු මංත්‍රී ගම්මන්පිල වැඩිදුරටත් පෙන්වා දුන්නේ…..,

මෛත්‍රි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 28 පිටුවේ මෙහෙම කියලා තිබෙනවා. “ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 4,000කට අධික බදු ඉවත් කර ඉන්ධන මිළ අඩු කෙරේ“. කෝ ඒක කළා ද? අවුරුදු තුනහාමාරක් ගිහින් තවම කරලා නෑ. තවමත් තීරු බදු, දේශීය භාණ්ඩ බදු, වරාය සහ ගුවන් සේවා බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් කෝටි 8,000ක් පමණ ආණ්ඩුව උපයා ගන්නවා. ඒ බදු නැතිනම් පෙට්‍රල් ලීටරය රු 90කට දෙන්න පුළුවන් බව ඉතාම වගකීමෙන් ජනතාවට කියන්න කැමතියි.

මේ දවස් වල ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිරව් වගේ කියන කතාවක් තිබෙනවා. අපි තෙල් මිළ වැඩි කළත් තවමත් මහින්ද යුගයට වඩා ලාභයිනෙ. ඒ නිසා පොහොට්ටුවේ අයට අයිතියක් නෑ තෙල් මිළ විවේචනය කරන්න. මේක පදනම් විරහිත කතාවක්.
මේ ආණ්ඩුව මැයි 11 දින පෙට්‍රල් ලීටරයක මිළ රු 137ක් කළා. ඊට කලින් මාසයේ ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 67යි. මීට පෙර රු 137 දක්වා පෙට්‍රල් ලීටරයක මිළ වැඩි කලේ 2011 සැප්තැම්බර් 30 දා. ඊට පෙර මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 100යි. අපි 137 දක්වා වැඩි කරන්නේ ලෝක වෙළඳපොලේ ඩොලර් 100 ට තෙල් බැරලය විකුණන විට. මේ ආණ්ඩුව ඩොලර් 67 වුණාම රු 137ක් කළා. මහින්ද යුගයේ රු 150ට පෙට්‍රල් දුන් බව ඇත්තයි. එදා තෙල් බැරලයක මිළ තිබුණේ ඩොලර් 100ත් 110ත් අතර. මහින්ද යුගයේ දී වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ ඉහළ ගියා නම් මේ ආණ්ඩුව අද වන විට පෙට්‍රල් ලීටරයක මිළ රු 200ක් කරලා. ඒනිසා හරියට ඉතිහාසය දන් නැතුව ගණන් හදන්න දන් නැතුව කට මැත දොඩවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ පෙට්‍රල් ලීටරයක මිළ රු 117 දක්වා අඩු කරන විට ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ වුණේ ඩොලර් 61යි. දැන් මිල ඩොරල් 67 යි. ඩොලර් 61 දී රු 117ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටරය ඩොලර් 67 දී 137ක් වෙන ආකාරය ආණ්ඩුවේ ඉන්නා ආර්ථික විශේෂඥයන් යැයි කියන සුපිරි මොල විසින් අපට පැහැදිලි කළ යුතුයි. ඒ වගේම 2016 ජනවාරි මාසයේ දී ලෝක වෙළඳපොලේ තෙල් මිල බැරලයේ පතුලටම කඩා වැටුනා. එදා ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 29 දක්වා පහත වැටුණත් ඒකෙ වාසිය ජනතාවට දුන්නේ නෑ.

Related posts

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

colombotoday

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

Admin