Colombo Today Local News

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

සෑම මසකම දස වනදාට ක්‍රියාත්මක මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ මිල කමිටුව අද රැස්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම දස වනදා මිල සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කර තිබුණා.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දැමීමටයි රජය කටයුතු කළේ.

එම මිල ගණන් යටතේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 157කටත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134කටත් වෙළෙඳපොළ තුළ අලෙවි වනවා.

එම මිල සංශෝධනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දැමුණා.

එම මිල ගණන් අනුව මේ වන විට වෙළෙඳ පොළ තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137කට අලෙවි වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 104කටයි.

කෙසේවෙතත් මේ වන විට පසුගිය මාසයට සාපේක්‍ෂව ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක් ඩොලර් 02ත්, 03ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය පිළිබඳ වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල මහතා සඳහන් කර සිටින්නේ, ලෝක වෙලඳපොළේ බොරතෙල් බැරලයක මිල වැඩිවීමක් සිදුව ඇති බැවින්, අද දිනයේදී මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

අවුරුදු සමයේ රුපියලකින් ඉන්ධන මිල ගණන් වැඩිවූවද එය ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන බවයි එහිදි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

කෙසේවෙතත් පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේදී රජය ප්‍රකාශ කළේ උදාවීමට නියමිත අවුරුදු සමය තුළ ඉන්ධන මිල ගණන් සඳහා ජනතාවට සහනයක් ලබා දෙන බවයි.

Related posts

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

colombotoday

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday